ආරක්ෂාව සඳහා රාජ්‍ය සේවක ඇඳුමට නිකුත් කළ චක්‍ර ලේඛය අපි අහෝසි කළා! අපිට හරිම සතුටුයි! – වොක්ස්වැගන් ආචාර්ය හර්ෂ

June 2, 2019 at 3:27 pm | by admin

රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ චක්‍ර ලේඛය අහෝසි කළ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

එම චක්‍රලේඛය මගින් පිරිමි සේවකයන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමද, කාන්තා සේවිකාවන් සාරිය හෝ ඔසරියද ඇඳිය යුතු බව අනිවාර්ය කර තිබිණි. ආගමික අනන්‍යතාව සඳහා අවැසි නම් එම ඇඳුමට පැළඳුමක් එකතු කර මුහුණ නොවැසෙන සේ හිස වසා ගැනීමට අවසර දී තිබිණි.

කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කරන්නේ තමන් ඇතුළු පිරිසකගේ විරෝධය සාර්ථක නිසා ජනපති ලේකම් කාර්යාලයේ උපදෙස් අනුව නිකුත් කර තිබූ චක්‍රලේඛය අහෝසි කළ බවය.

ට්විටර් පෝස්ටුව

https://twitter.com/HarshadeSilvaMP/status/1135046214762635264

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස