රාජපක්ෂලාගේ කාලේ කොච්චර බෝම්බ පිපිරුණාද? අපේ කාලේ පිපිරුණේ පාස්කු බෝම්බේ විතරයි! – පී. හැරිසන්

October 23, 2019 at 4:26 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලයේ ද කොළඹ මහ දවල් බෝම්බ පිපිරුණු බවත් මන්ත්‍රීවරු මරා දැමූ බවත් ඇමති පී. හැරිසන් පවසයි.

එහෙත් තම පාලන කාලය තුළ සිදුවූයේ එකම බෝම්බ ප්‍රහාරයක් පමණක් බව ද හෙතෙම පවසයි.

ජනාධිපති සජිත් ප්‍රේමදාස යටතේ ආරක්ෂක ඇමති ධුරය ලැබුණු පසු ජාතික ආරක්ෂාව තහවුරු වන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස