රු. කෝටියක වට්ටක්කා මිලට ගන්න හැරිසන් සූදානම්!

January 16, 2019 at 4:56 pm | by admin

දේශිය වට්ටක්කා ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය රුපියල් ලක්ෂ 100 ක මුදලක් වෙන් කර ඇත. ඒ අනුව දේශිය ගොවීන්ගේන් වට්ටක්කා කිලොවක් රුපියල් 30 බැගින් මිලදී ගැනීමට කෘෂීකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතා කියයි.

මේ දිනවල වෙළෙඳපොළේ වට්ටක්කා මිල සීඝ්‍ර ලෙස පහත බැස ඇති අතර දේශීය වට්ටක්කා ගොවීන් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ගැටලු රැසකට මුහුණ පා සිටී.

මෙම මිලදී ගැනීම් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්ව ගොවිජන සේවා දෙචපාර්තමේන්තුව සහ ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා සිදු කරනු ඇතියිද ඇමැතිවරයා පවසයි.

ඒ ඒ දිම්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම්වරුන් හරහා ග්‍රාමසේවා නිළධාරින්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර ස්ථිර වශයෙන්ම වට්ටක්කා වගා කරන ගොවීන්ගේ නාමලේඛන වහාම සපයන්නැයි ඔවුන්ට නියෝග කර තිබේ.

අකුරාධපුර,කුරුණැගල සහ මාතලේ ගොවීන්ගේ වට්ටක්කා අස්වැන්න මෙසේ වැඩිවීම නිසා අස්වනු විකුණා ගැනීමට අපොහොසත්ව ගැටලු පැන නැගී ඇති අතර මෙම සති අන්තයේ කාෂිකර්ම දෙපාර්තමේන්තු නිළධාරින් ඒ ප්‍රදේශවලට ගොස් ගොවීන් හමුවී ගැටලු සාකච්ඡා කිරීමටද නියමිතය.

අද (16) කෘෂීකර්ම අමාත්‍යංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇමැති පී. හැරිසන් මහතා මේ තොරතුරු අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස