අගමැතිට සීනි ලෙඩේ! වෛද්‍යවරු තරයේ අවවාද කරති!

August 1, 2019 at 10:55 am | by emanisa.lk

පසුගිය බදාදා ඇමති පී. හැරිසන්ගේ සහ චන්ද්‍රාණි බණ්ඩාරගේ උපන් දිනය වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ සාදයක් සංවිධානය කර තිබිණි.

දළදා මාළිගාව වෙත ගොස් නා හිමිවරුන් බැහැදැක දළදා පෙරහැරේ කටයුතු සොයා බැලූ අගමැතිවරයා නැවත සිරිකොතට පැමිණියේ උපන් දින කේක් ගෙඩිය කැපීමට සූදානම් වන අතරය.

නුහුරු පැත්තේ සිට කේක් ගෙඩිය කැපූ හැරිසන් කේක් ගෙඩිය සවුත්තු කළේය. පසුව නිවැරදි ලෙස කපා අගමැතිතුමාට කේක් කැවීමට යාමේදී ඔහු පිටුපසට පැනීම නිසා නැවතත් එයද සවුත්තු විය.

අපෝ මට කේක් කන්න හොඳ නෑ. දොස්තර මහත්තුරු තරයේ අවවාද කරලා තියෙන්නේ යැයි අගමැති රනිල් කීවේ සියලු දෙනා සිනා සයුරේ ගිල්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස