සායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම තහනම්!

February 4, 2019 at 9:20 am | by admin

පළතුරු ඉදවීම සඳහා රසායන ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ කෘතිමව ලෙස පලතුරු ඉදවීම අවම කර වස විෂෙන් තොර සෞඛ්‍ය සම්පන්න පළතුරු පාරිභෝගිකයා වෙත ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

ස්වභාවික සහ පර්යේෂණ අංශ පිළිගත් ක්‍රමවේද යටතේ පමණක් මින් ඉදිරියට පළතුරු ඉදවීම සිදුකළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

මාස කිහිපයකට පෙර පිටකොටුව මැනිං වෙළෙඳපොළේ වෙළෙඳ මහතුන් රසායන ද්‍රව්‍ය භාවිතයෙන් පළතුරු ඉදවීම සම්පූර්ණයෙන් නරත කරන බව ප්‍රකාශ කළ ද එය නිසි ලෙස නියාමනය වන්නේ ද යන්න ගැටලුවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස