පොහොට්ටු ශ්‍රිලනිප මන්ත්‍රීලා පෝලිමේ එජාපයට එනවා! ඒ නිසා සන්ධානය හදන එකත් කල් දැම්මා! – පී. හැරිසන්

August 4, 2019 at 7:04 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය පුමුඛ පුළුල් සන්ධාන ගිවිසුම කල් දැමීට හෙතු වුයේ නව සන්ධානයට එක් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක ඉල්ලීම මත බව අමාත්‍යය පී හැරිසන් පවසයි.

අද (04)  ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ අදාළ දේශපාලනඥයන්ගේ නම් හෙළි කිරීම එතරම් සුදුසු නොවන බවය.

නමුත් රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පොහොට්ටුවේ ඇතැම් අපේක්ෂකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් තම සන්ධානයට එකතු වීමට සිටින බව ඇමතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස