රනිල් පාර්ශවය දිගින් දිගටම පරදියි! පළාත් පාලන ආයතන නියෝජිතයොත් පිටුපාති!

August 11, 2019 at 12:27 pm | by emanisa.lk

අරලියගහ මන්දිරයේ පසුගිය 09 වෙනිදා පැවති එජාප පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමින් ඇමති වජිර අබේවර්ධන විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඒ එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂයා ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ලක්ෂ පහක අත්සනින් යුතු පෙත්සමක් අත්සන් කිරීමට සහය වන ලෙසය.

එජාප මහ ලේකම් ඇමති අඛිල විරාජ් කාරියවසම් ද එම ඉල්ලීම කර ඇතත් එජාප මහජන නියෝජිතයින්ගෙන් අදාළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් සහභාගී වූ මෙම හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ ද පසුව එක්ව ඇත.

රැස්වීමෙන් අනතුරුව එම මහජන නියෝජිතයින් සියලු දෙනාම පාහේ පවසා ඇත්තේ ගම ඉල්ලන, පාක්ෂිකයින් ඉල්ලන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහොත් පමණක් රාජපක්ෂවරුන් පරාජය කළහැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස