රටපුරා දෙමළ බසින් ශිෂ්‍යත්ව විභාගය තබයි! නමුත් උතුරට සිංහල බසින් ශිෂ්‍යත්වය තහනම්! – උපන්බිමේ සිංහලයන් අසරණ කරන හැටි මෙන්න…..

October 7, 2019 at 8:15 am | by emanisa.lk

මුළු රටේ සෑම දිස්ත්‍රික්කයකම දෙමළ/මුස්ලිම් දරුවෝ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඇත. නමුත් සිංහල දරුවන්ට යාපනය කිලිනොච්චි, මන්නාරම සහ මඩකලපු දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වීමට හැකිවී නැත. ඒ සිංහල ජනතාව එම ප්‍රදේශවල ජිවත් නොවන නිසා සහ සිංහල මාධයෙන් විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති නිසාය.

එමනිසා සිංහල ජනතාවට එම ප්‍රදේශවල ජිවත් වීමට අවස්ථාව නැති බව ඉතා පැහැදිලිය. එමගින් රටේ සැබවින්ම අසාධරණය සිදුවී ඇත්තේ සිංහල මහා ජාතියට බව පැහැදිලිය.

තවද මේ සියලුම දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව විභාගයේ දෙමල සිසුන් ලකුණු ලබා ගත යුත්තේ සිංහල සිසුන් ලබා ගත යුතු මට්ටමට වඩා අඩු ප්‍රමාණයකි. මෙයද එක් අතකින් ගත් විට සිංහල සිසුන්ට අසාධාරණයකි.

මෙම ලක්ෂණය මෙවර පමණක් නොව සෑම වසරකම දක්නට ලැබුණි. නමුත් සිංහලයෝ කවදාවත් දෙමල සිසුන්ට විරුද්ධව කිසි දිනක කතා කර නැත.

නමුත් දෙමල ජනතාවට අසාධාරණයක් වුණා යැයි කියා 1970 ගණන්වල සිට සිංහල සිසුවන්ට වාසි සහගත වන ලෙස දෙමළ සිසුන්ට අසාධාරණ ලෙස ඊනියා ප්‍රමිතිකරණය නිසා සිදු වූ බවට චෝදනා කරමින් ජාතිවාදී අයුරින් කටයුතු කරන ලදී.

නමුත් අද දිස්ත්‍රික්ක කොටා ක්‍රමය නිසා සැබෑ අසාධාරණය සිදුවන්නේ සිංහල ජනතාවටය. ඇත්තෙන්ම එවකටද යාපනය දිස්ත්‍රික්කයේ දෙමල මාධ්‍ය සිසුන් විශ්වවිද්‍යාලවලට තාවකාලිකව අඩුවීමක් සිදු වුවද අනෙකුත් දිස්ත්‍රික්කවල දෙමල ජනතාවට සහනයක් ලැබී වැඩි වශයෙන් එම දිස්ත්‍රික්කවලින් දෙමළ සිසුන් විශ්ව විද්‍යාලවලට අවස්ථාව ලැබුණි.

නමුත් මේ සියල්ල පසෙකින් දමා ජාතිවාදී ගිනි ඇවිලීමට එදා සිට ජාතිවාදී දෙමල නායකයින් කටයුතු කරන ලදී. අදද ජාතිවාදය ඉදිරියට ගෙනයමින් රටෙන් කැලි කැඩීමට කටයුතු කරමින් සිටී.

මේ කුමන්ත්‍රණ පරාජය කර රටට නිවැරදි ශක්තිමත් නායකත්වයක් ගොඩ නගාගෙන රට සුරැකීමට දේශප්‍රේමී ජනතාව සමයෙන් ඉදිරි පත් විය යුතුය.

රුවන් දිසානායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස