බෙදුම්වාදීන් තව පියවරක් තබයි! අගමැති සහභාගී වූ උළෙලේ සිංහල ජාතික ගීය අගට දමා දෙමළෙන් මුලින් ගයයි!

February 14, 2019 at 3:15 pm | by admin

යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති ජන හමුවක දී දෙමළ ජාතික ගීය හමුව සමාරම්භයේ ද සිංහල ජාතික ගීය හමුව අවසානයේ ද ගායනා කරමින් සිංහල ජාතික ගීය දෙවන තැනට දමා තිබේ. එම වැඩසටහන අනුව පෙරවරු 9.45ට දෙමළ බසින් ද පෙරවරු 10.12 ජාතික ගීය සිංහලෙන් ද ගායනා කළ යුතුය.

මෙතෙක් කල් ජාතික ගීය උතුරේ දී ගායනා කළේ සිංහල සහ දෙමළ බසින් එකවරය. එහෙත් මෙවර තව පියවරක් ඉදිරියට තබා තිබේ. ඊට අගමැතිවරයා හෝ එවැනි බලධාරියකු විරෝධයක් දැක්වූ බවක් වාර්තා වන්නේ නැත. කෙසේ වුවද මේ ආකාරයට අවස්ථා දෙකක ජාතික ගීය ගායනයට සැලසුම් කිරීම යාපනෙන් ගිය නිලධාරීන්ගේ අප්‍රසාදයට හේතු වී ඇත.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආරම්භ කළේ යහපාලන ආණ්ඩුව විසිනි. එහෙත් එය මෙතෙක් ව්‍යවස්ථාපිත නැත. මෙරට ව්‍යවස්ථාවේ ඇත්තේ සිංහල ජාතික ගීය පමණි. මෙවර කොළඹ පැවති ජාතික නිදහස් දින උළෙල අවසානයේ දෙමළ බසින් ජාතික ගීය ගායනා කළ අවස්ථාවේ එහි වචන පමණක් නොව තනුව ද යම් පමණකට විකෘති කොට තිබිණි. එසේම අගමැතිවරයා ජාතික ගීය ගායනා කරන අවස්ථාවක මලික් සමරවික්‍රම ඇමතිවරයා සමග කතාබස් කරමින් සිටින වීඩියෝවක් පසුගිය සමයේ සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස