මේ මගේ අවසන් මහ මැතිවරණයයි! – නවීන් දිසානායක

June 26, 2020 at 12:09 pm | by emanisa.lk

ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ තුල මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුලින් රාජපක්ෂ කදවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක පවසයි.

නවින් දිසානායක ඒ බැව් කියා සිටියේ සිය මැතිවරණ කාර්යයාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

රටේ නායකයින් ගණනාවක් බිහි කර එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැඳී සිටින බවත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිඳු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනිමට උත්සහ කරන බවත් එය කිසිසේත් ඔහුන්ට සිදු කළ නොහැකි බව නවින් දිසානායක පවසයි.

මහ මැතිවරණයේදි සමගි ජනබලවේගය මන්ත්‍රි ධුර කිහිපයක් ලබා ගන්නා බවත්, එසේ තේරි පත් වන මන්ත්‍රිවරුන් අනිවාර්යෙන්ම රාජපක්ෂ කදවුර ශක්තිමත් කිරිමට ඔහුන් පිහිටුවන රජයත් සමග එක්වන බව හෙතෙම පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය සමග එක් වි සිටින වැඩි පිරිසක් බලය සහ තනතුරු නොමැතිව දේශපාලනයේ රැදි සිටිමට නොහැකි පිරිසක් බවත් එම පිරිස මැතිවරණයෙන් ජයගෙන ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිහිටුවන රජයට අනිවාර්යෙන්ම එක්වන බවද නවින් දිසානායක පැවසිය.

තමන් මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන අවසන් මැතිවරණය මෙය බවත් තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැදි සිටින බව නවින් දිසානායක මහතා මෙම රැස්විමේදි වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස