මාර්තු පාර්ලිමේන්තුව විසුරුවොත් මන්ත්‍රීි 64කට පැන්ෂන් නෑ! පක්ෂ විපක්ෂ ලැයිස්තුව මෙන්න!

December 19, 2019 at 9:53 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇති ආකාරයට 2020 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 64 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වන බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා විශ්‍රාම වැටුප් හිමිවන්නේ ඔහු හෝ ඇය වසර 05ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්නම් පමණි.

2015 අගෝස්තු මස 17 වෙනිදා පැවති මහ මැතිවරණයෙන් පත්කර ගත් වර්තමාන පාර්ලිමේන්තුවට වසර 5ක් සපිරෙන්නේ 2020 අගෝස්තු මාසයේදීය.

ඒ අනුව මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කළ විශාල පිරිසකට වසර 05 සම්පූර්ණ කිරීමට නොහැකි වන අතර එහෙයින් විශ්‍රාම වැටුප ද අහිමි වෙයි.

ඒ අතර එජාප මන්ත්‍රීවරු 34ක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 24ක් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු 05ක් සහ ජවිපෙ මන්ත්‍රීවරයෙක් වෙති.

එම ලැයිස්තුව මෙසේය.

එක්සත් ජාතික පක්ෂය
මොහොමඩ් ඉස්මයිල්, මොහොම්මදු නසීර්, ආශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, අරවින්ද කුමාර්, ආනන්ද අලුත්ගමගේ, අශෝක ප්‍රියන්ත, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චමින්ද විජේසිරි, චන්දිම ගමගේ, චතුර සේනාරත්න, දයා ගමගේ, සරත් ෆොන්සේකා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතාණගේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඉම්රාන් මහරුෆ්, ඉෂාක් රහුමාන්, කරුණාරත්න පරණවිතාන, කවින්ද ජයවර්ධන, මයන්ත දිසානායක, මොහොමඩ් මන්සුර්, මුජුබර් රහුමන්, එම්. තිලකරාජා, නාලක කොලොන්නගේ, රෝහිණී කුමාරි විජේරත්න, එස්.එම්. මරික්කාර්, සන්දිත් සමරසිංහ, සිසිර කුමාර අබේසේකර, සුජිත් සංජය පෙරේරා, තුෂාර ඉඳුනිල්, තුසිතා විජේමාන්න, එස්. වේලුකුමාර් සහ විජේපාල හෙට්ටිආරච්චි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය
වරුණ ලියනගේ, මනෝජ් සිරිසේන, ඩී.බී. හේරත්, අංගජන් රාමනාදන්, මලිත් ජයතිලක, අනුරාධ ජයරත්න, ඩී.වී. චානක, සාරති දුෂ්මන්ත, ඉන්දික අනුරුද්ධ, කාදර් මස්තාන්, කංචන විජේසේකර, නිමල් ලංසා, පියල් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිරෝෂන් ප්‍රේමරත්න, සනත් නිශාන්ත, සිසිර ජයකොඩි, තාරක බාලසූරිය, උදය ගම්මන්පිල සහ විමලවීර දිසානායක.

දෙමළ ජාතික සංධානය
ශාන්තිනී ස්කන්ධ රාජා, ඥානමුත්තු ශ්‍රීනේෂන්, චාල්ස් නිර්මලනාදන්, කේ. කෝඩිෂ්වරන්, එස්. සිවමෝෂන් සහ එස්. වියලේන්ද්‍රන්.

ජනතා විමුක්ති පෙරමුණ
නලින්ද ජයතිස්ස

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස