වර්ජන පිට වර්ජන! ගුරු විදුහල්පති වර්ජනයක්!

July 11, 2019 at 10:33 am | by emanisa.lk

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂම තාවයන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් ජුලි මස 18,19 යන දෙදින අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ (10) අනුරාධපුරයේදී පැවසුවාය.

බි.සි.පෙරේරා වැටුප් විෂමතා කමිටු නිර්දේශය පරිදි වැටුප් විෂමතා ඉවත් නොකිරීම, අධ්‍යාපනය සඳහා පොරොන්දු වූ පරිදි සියයට හයක මුදලක් වෙන් නොකිරීම, 2016 වසරේ සිට ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව සහ ඉගැන්වීමේ ක්‍රියාවලියට අමතරව ගුරුවරුන් ලවා සිදුකරන අනවශ්‍ය කොළ පිරවීමට එරෙහිව මෙලෙස ජුලි මස 18 හා 19 යන දෙදින ලෙඩ නිවාඩු දැමීමට ගුරු සංගම් තීරණය කර ඇතැයි සභාපතිනිය මෙහිදී පැවසුවාය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස