ආණ්ඩුව තවත් ජනතා පැතුමක් ඉටු කරන්න සැරසෙයි! මන්ත්‍රී විශ්‍රාම වැටුප රු. 15000කින් ඉහළට!

May 17, 2019 at 10:53 am | by admin

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා හිමි වන විශ්‍රාම වැටුප රුත 15000කින් ඉහළ නැංවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙයි.

1971 මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අනුව වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපින් 1/3ක් හෝ 2/3ක් සමග ජීවන වියදම් දීමනාව පමණි. ඒ අනුව එම විශ්‍රාම වැටුප රු. 18 500කි. එයට ජීවන වියදම එකතු කළ විට වැටුප රු. 25100කි.

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට දීමනා ගෙවීමට හැකියාවක් නැතත් මෙයට පෙර මසකට රු. 10 0000ක දීමනාවක් ද ඊට එකතු කර ඇත. ඒ අනුව වැටුප 35100කි. යෝජිත රු. 15 000ට ද අනුමැතිය ලැබුණු විට එහි මන්ත්‍රී විශ්‍රාම වැටුප රු. 50100කි.

මේ වන විට මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබන පිරිස 454 ලබන විට මාසිකව රු. 27 745400ක් (50100×454) මුදලක් ඒ සඳහා වැයවෙයි.

කෙසේ වුවද 2016 වසරේ සිට අලුතින් සේවයට බැඳෙන රාජ්‍ය සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් අහෝසි කර තිබේ. එහෙත් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනු වෙනුවට රු. 15000කින් ඉහළ දැමීමට යෝජනා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *