මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්වරු කූඩුවට නග්ගන ලිපිගොනු හදලා ඉවරයි! මහ බැංකු කොල්ලකරුවන් සියලු දෙනා දේශපාලනයෙන් ඉවත් විය යුතුයි! -ජනපති එජාපය පරසක්වළ ගසයි…

September 4, 2019 at 8:46 am | by emanisa.lk

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියලු කඩදාසිත් මහේන්ද්‍රන්ටත් වඩා ලොකු මහත්වරුන්ට උසාවියේ කූඩුවට නගින්නට සිදුවන ලිපිගොනු සියල්ලත් හදා අවසන් යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරයේ ප්‍රධාන දෙසුම කරමින් ඊයේ (03) ඔහු මේ බව පැවැසීය.

තම පාලන කාලයේදී ආණ්ඩුවට සිදුකළ ලොකුම හූනියම මහ බැංකු කොල්ලය යැයි ද ජනාධිපතිවරණය පිළිබඳ කතා නොකර එහි වගඋත්තරකරුවන් සියලු දෙනා දේශපාලනයෙන් ඉවත් විය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

පළාත් සභා මැතිවරණයක් නැවත මේ රටේ පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි කී හෙතෙම එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමේ පළමු වගඋත්තරකරු අගමැතිවරයා යැයි ද චෝදනා කළේය.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසීමේදී ඒ බව තහවුරු වී යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද දිනයේදී මෙසේ ආරම්භ කළේ මීළඟ ජනාධිපතිවරණයේදී ජනතාව බලවත් කරන මානවවාදී ව්‍යාපාරය යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති සමග 2020 දී ආණ්ඩුව හදන්නේත් සිය පක්ෂය යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස