යහපාලන ඇමති 20කගේ ෆයිල් ජනපති කොමිසමට

January 26, 2019 at 5:17 pm | by admin

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවේ පසුගිය තුන් වසරක වංචා දූෂණ සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ටොප් 20 නමින් රජයේ මැති ඇමැතිවරුන්ගේ වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු විස්සක් භාරදීමට කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන ද එම තොරතුරු සනාථ කළේය. ඔහු සඳහන් කළේ මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හෙළිදරව් කරගත් කරුණු අනුව ඉබි ගමනේ නමුත් නීතිය ක්‍රියාත්මක වන නිසා රජයේ මැති ඇමැතිවරු විස්සකට අධික පිරිසකට එල්ලවී ඇති දූෂණ හා වංචා චෝදනා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය සතු තොරතුරු කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස