මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කටකතා යනවා! ඒක ඒ වෙලාවට බලාගමු! – පාඨලී

June 17, 2019 at 9:11 am | by emanisa.lk

තමන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන බවට කටකථා පැතිරෙන බවත් එය ඒ අවස්ථාවේදී බලමු යැයිද අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතා පවසයි.

ඊයේ (16) අනුරාධපුරයේ පැවැති ආගමික වැඩසහන්වලින් පසුව ජනතාව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“කැබිනෙට්ටුව ලබන අඟහරුවාද රැස් වෙනවා. මේ රටේ වරිග සභාවලින් තමයි ජනාධිපති තෝරන්නේ, ගජ මිතුරන්ගෙන් ජනාධිපති තෝරන්නේ, අන්න ඒ යුගය අපි මේ ජනාධිපතිවරණයේදී අවසන් කරනවා.

කුසලතා පූර්ණ පහේ ශිෂ්‍යත්වය සමත් වුණ, සාමාන්‍ය පෙළ -උසස් පෙළ සමත් වුණ, වෘත්තිය අධ්‍යාපනයක් තිබෙන අයට මේ රටේ දේශපාලනය භාර කරනවා. ඒ සඳහා මුල් පියවර අපි තබනවා. විවිධ කට කථා යනවා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා, අපි ඒ ගැන ඒ වෙලාවට බලමු”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස