මගේ නිවසේ දී ගානියා පවසන ආකාරයේ කිසිම සිද්ධියක් වුණේ නෑ! – බැරිස්ටර් ශ්‍රියාලතාගේ දෙවෙනි බොරුවත් පුස්සක් වෙයි….

December 17, 2019 at 2:12 pm | by emanisa.lk

කොළඹ බම්බලපිටිය පැල්මයිරා නිවාස සංකීර්ණයට ගානියා බැරිස්ටර් ශ්‍රියාලතා සඳහන් කරන අවස්ථාවේ කිසිදු බාහිර පුද්ගලයකු නොපැමිණි බව එහි මුරකරු සනාථ කර තිබේ.

එසේම එම නිවාස සංකීර්ණයේ cctv දර්ශනවලින් ද එය තහවුරු වී තිබේ.

මේ අතර එම නිවාස සංකීර්ණයේ වෙසෙන ගානියා බැරිස්ටර්ගේ හිතවතිිය බව පවසන ගුරුවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ තම නිවසේ දී එවැනි කිසිදු සිද්ධියක් නොවූ බවය.

ඇයගේ ශරීරයේ කිසිදු තුවාලයක් වූ හෝ අඩම්තේට්ටම් වූ බවට සලකුණු කිසිවක් නොමැති බව ඇගේ වෛද්‍ය වාර්තාවේ ද දැක්වෙයි.

කෙසේ වුවද මුලින් සිය දරුවාගේ පාසල අසල දී තමා පැහැරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවසූ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් අනතුරුව පවසා ඇත්තේ මෙම නිවසේ දී ඈට කෘර ලෙස වද හිංසා කරමින් පහර දුන් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස