මගේ ආණ්ඩුවේ ආරක්ෂ ඇමති හැර අගමැති නම් කරලා නෑ! – රනිල්ට පිළිතුරු දෙමින් සජිත් කියයි…. (video)

October 31, 2019 at 2:34 pm | by emanisa.lk

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නව තනතුරුවලට පත්කරන පුද්ගලයන් අතරින් තමන් විසින් නම් කරනු ලැබ තිබෙන්නේ “එකම එක තනතුරක්” පමණක් බව සජිත් ප්‍රේමදාස පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතිය හා සාමය රැකීමේ වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට පැවරීම තමන් මෙතෙක් පවරා දී ඇති එකම වගකීම බව ද සජිත් ප්‍රේමදාස දඹුල්ලේ පැවති ඊයේ () පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් අවධාරණය කළේය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම ප්‍රකාශය කළේ ඔහු ජනාධිපති පදවියට පත්වීමෙන් පසුවත් අගමැති ධූරයේ කටයුතු කරන්නේ තමන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ කොළඹ අරලිය ගහ මන්දිරයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කිරීමෙන් අනතුරුවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස