බදියුදීන්ලා හකීම්ලා මුස්ලිම් ජනතාවට නින්දාවක්! මුස්ලිම් ඡන්ද විකුණං මේ දේශපාලනය අවසන් කළ යුතුයි! ඒ සඳහා පොහොට්ටුව සමග එකතු වන්න! – අලී සබ්රී (video)

October 9, 2019 at 11:55 am | by emanisa.lk

මුස්ලිම් ජනතාවගේ ඡන්ද විකුණමින් වෙන්දේසි කරමින් මේ රටේ මුස්ලිම් ජනතාවට තිබූ අභිමාණය නැතිකර දැමීමටත් සෑම මුස්ලිම් මිනිසෙකුම ඩීල්කාරයකුගේ ගේම්කාරයකුගේ තැනට තල්ලුකර දැමීමට අන්තවාදී මුස්ලිම් නායකයන් කටයුතු කර ඇතැයි ජනාධිපති නීතීඥ අලී සබ්රි පවසයි.

මේ රටේ බදියුදීන් මොහොමඩ්, රසීක් ෆරීක්, ටී.බී. ජයා, ඒ.සී.එස්. හමීඩ් වැනි මුස්ලිම් නායකයන් මේ රටේ සිටි බවත් ඔවුන් වර්තමාන මුස්ලිම් නායකයන් මෙන් පක්ෂයෙන් පක්ෂයට පැන නොගිය බවත් එසේ ගියේ නම් ඒ මුස්ලිම් ජනතාවට යමක් ලබා ගැනීම සඳහා බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙත් රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් වැනි නායකයන් ඇමතිකම්, සභාපතිකම්, වාහන සහ මුදල් වෙනුවෙන් ආණ්ඩුවෙන් ආණ්ඩුවට පනිමින් සිංහල සහ දෙමළ ජනතාව තුළ මුස්ලිම් ජනතාව කෙරෙහි මහ පහත් හැඟීමක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි අලි සබ්රි චෝදනා කරයි. මොවුන් ජනතාවට හෝ රටට ආදරයක් නොමැති බවත් ජාතිවාදී පක්ෂවලට රිංගමින් බඩ වඩා ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම අනාවරණය කරයි.

ආණ්ඩුවේ සාරය උරා බී අපේ සම්පත් සියල්ල ගසා කා වසර පහ අවසානයේ අනෙක් පිලට පනින ප්‍රතිපත්තියක් නැති මුස්ලිම් දේශපාලනයට තිත තබා මුස්ලිම් ජනතාවගේ අභිමාණය නැවත ගොඩනැඟීමට කාලය පැමිණ ඇති බවත් ජනාධිපති අපේක්ෂ ගෝඨාභය රාජපක්ෂට ද ඒ පිළබඳ දැනුම් දී ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

නැවත දියුදීන් මොහොමඩ්, ටී.බී. ජයා වැනි ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ගොඩනැඟිය යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වන ලෙස මුස්ලිම් ජනතාවට ආරාධනා කරන බවත් ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස