ජාතික තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන තුනක් තහනම්! ගැසට් නිවේදනය මෙන්න!

May 14, 2019 at 10:28 am | by admin

ජාතික තව්හිද් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතෙ ඊබ‍්‍රහිම් (JMI) සහ විල්ලයාත් අස් සෙයිලානි යන සංවිධාන මෙරට තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කර තිබේ. මෙම මුල් සංවිධාන දෙකට පාස්කු ප්‍රහාරය පිළිබඳ ඍජු චෝදනා එල්ල විය. හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තහනම පනවා තිබේ.

මෙම ගැසට් නිවේදනය 2019/05/13 වන දින ප්‍රකාශට පත් බව සඳහන් වුවද මාධ්‍ය වෙත නිකුත් වූයේ 2019/05/14 වන දින එනම් අද උදෑසනය.

මේ අතර ජනාධිපති නීතිඥ අලී සබ්රි මෙයට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම ත්‍රස්ත සංවිධාන හදිසි නීතිය යටතේ තහනම් වුවද හදිසි නීතිය ඉවත් කළ විට එම තහනම ඉවත් වන බවය.

එහෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සංවිධාන තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බව පවසන නීතිඥවරයා 2011 වසරේ කොටි සංවිධානය ද එලෙස තහනම් කළ බව සිහිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස