පොහොට්ටු ශ්‍රීලනිප දීගයත් සමග රටපුරා එජාප ශ්‍රීලනිප හවුල් ආණ්ඩු ඉවරයි! බලන්ගොඩ නගර සභාවත් පොහොට්ටුවට! තවත් 20ක් පෝලිමේ!

October 9, 2019 at 8:16 am | by emanisa.lk

එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව බලය පිහිටුවා ඇති බලන්ගොඩ නගර සභාවේ ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. මේ අනුව බලන්ගොඩ එජාප පාලනය බිඳ වැටෙයි.

බළන්ගොඩ නගර සභාවේ මුළු සභික සංඛ්‍යාව 17කි. ඉන් 7ක් ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේය. 6ක් එක්සත් ජාතික පක්‍ෂයේය. 3ක් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේය. ජනතා විමුක්ති පෙරමුණට ද එක් සභික ධූරයක් හිමිවිය.

ශ්‍රීලනිපය පොදුජන පෙරමුණට සහාය ලබාදීමට තීන්දු කිරීමත් සමග එම නගර සභාවේ මන්ත්‍රී පිරිස ද පොහොට්ටුවට සහාය දීමට තීරණය කර තිබේ.

මේ අනුව පොදුජන පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමේ ආසන සංඛ්‍යාව 10 දක්වා ඉහළ යන අතර එජාප ආණ්ඩුවේ මන්ත්‍රී පිරිස 6කි. රට පුරා පළාත් පාලන ආයතන 21ක මෙවැනි එජාප ශ්‍රීලනිප ආණ්ඩු ඇති අතර ඒවා ද ඉදිරියේ දී බිඳ වැටෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස