පොහොට්ටු මහ සමුළුව හවස 03ට! ජාතික අපේක්ෂාව සවස 05ට රටටම කියයි!

August 11, 2019 at 8:51 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව අද හවස 03ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී ආරම්භ වෙයි.

එහිදී පක්ෂ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට ලබා දීමට නියමිත අතර ඔහු විසින් 2020 පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සවස 05ට පමණ නම් කරනු ඇත.

මෙම මහ සමුළුව ජනාධිපති අපේක්ෂයා ඇමතීට ද නියමිත අතර දෙරණ නාලිකාව අදාළ සමුළුව සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ඊයේ (10) මහින්ද රාජපක්ෂ සෙසු පක්ෂ නායකයන් වෙත නිල වශයෙන් දැනුම් දී තිබිණි.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ජනාධිපති අපේක්ෂකයාට සහාය පළ කරමින් ශ්‍රීලනිප සහ එජාප ප්‍රබලයන් පිරිසක් වේදිකාවට ගොඩවෙනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස