පාස්කු බෝම්බ කෑ රටට කොටිත් ගහන්න සූදානම්! යාපනෙන් ක්ලේමෝ බෝම්බ දෙකක් මතුවෙයි!

October 14, 2019 at 10:55 pm | by emanisa.lk

යාපනය කොන්ඩාවිල් වරණී ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ කිලෝ 15 ක බර ක්ලේමෝ බෝම්බ දෙකක් අද (14) පස්වරුවේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

කිලිනොච්චි ප්‍රදේශයේ ආයුධ ගබඩාවක් පවත්වා ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන ජොශප් පීටර් රොබිසන් නැමැත්තාගෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කිරීමේදී හෙළි කළ තොරතුරු මත මෙම බෝම්බ දෙක සොයා ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එල්ටීටීඊ සාමාජිකයා ඔහුගේ බිරිඳ සහ සොහොයුරිය ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පසුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස