නෙදර්ලන්තය බුර්කා නිකාබ් ඇතුළු සියලු මුහුණ ආවරණ තහනම් කරයි!

August 2, 2019 at 11:55 am | by emanisalk

නෙදර්ලන්තය බුර්කාව හෝ නිකාබය හෝ සහ මුහුණු ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කරමින් නීතියක් ගෙනා අතර එය ඊයේ (1) සිට ක්‍රියාත්මක වන බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

මේ අනුව පොදු ගොඩනැගිලි තුළදී සහ ප්‍රවාහන සේවාවලදී මුහුණු ආවරණය වන ඇඳුම් පැළැඳීම තහනම් වේ.

බුර්කාව හෝ නිකාබය හෝ මුහුණ ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කෙරෙන යෝජනාව නෙදර්ලන්තය තුළ සම්මත වූයේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ 2005 වසරේදීය.

මෙම නව නීතිය සම්බන්ධයෙන් නෙදර්ලන්තය තුළ යම් මතභේදකාරී තත්ත්වයක් ද උද්ගත විය. මිලියන 17ක ජනතාවක් ජීවත්වන නෙදර්ලන්තයේ 200ත් 400ත් අතර කාන්තාවන් පිරිසක් නිකාබය හෝ බුර්කාව හෝ පළඳින බව පැවසේ.

ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රියාව වන රටවලද මීට සමාන නීති ක්‍රියාත්මක වේ.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස