නැවතත් හමුදාව සුරකින ආණ්ඩුවක්! ඇමති මංගලගේ පාවාදීම් අවලංගුයි! ජාත්‍යන්තරයේ හමුදා ප්‍රතිසංස්කරණ ඉල්ලීම් කුණු බක්කියට!

November 23, 2019 at 9:25 am | by emanisa.lk

ආරක්ෂක හමුදාව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරන ලෙසත්, ත්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙසත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කළ ඉල්ලීම මෙරට ආරක්ෂක බලධාරීන් එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම ඉල්ලීම්වලට හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර විසින් එකඟතාව පළ කළේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ උපදෙස් විමසීමෙන් තොරව ය.

එම ඉල්ලීම් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමකැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද මෙම ඉල්ලීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස