දුරකතනයෙන් තරඟ කර දිනන එක ෂුවර් නෑ! ලොක්කෝ හැමෝම ජාතික ලැයිස්තු පොරයේ!

March 5, 2020 at 4:45 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහි කර ඇති ‘සමගි ජන බලවේගය’ පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට එහි ඉහල මට්ටමේ බොහෝ පිරිසක් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

මැතිවරණ මෙහෙයුමේ භාරදූර කාර්යයන් සඳහා මැදිහත්වීමේදී තම ආසනවල ප්‍රචාරක ව්‍යාපෘතිය හරිහැටි කරගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බව පවසමින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප‍්‍රනාන්දු, එරාන් වික්‍රමරත්න ඇතුළු විශාල පිරිසක් ජාතික ලැයිස්තුව ඇතුළු වීමට මහත් වෙහෙසක් දරමින් සිටී.

එහෙත් පක්‍ෂයේ පිරිස් පවසන්නේ තරඟ කර ජය ගැනීමට නොහැකි අවදානමක් ඇති පිරිස මෙසේ ජාතික ඇත්තට පැනීමට උත්සාහ කරන බවය.

ජ්‍යෙෂ්ඨයන් හැකිතාක් මැතිවරණයට තරග කර අත්‍යවශ්‍ය අය පමණක් ජාතික ලැයිස්තුවට ඇතුළු කළ යුතු බව එහි බොහෝ පිරිසකගේ මතය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස