තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනාගන්න බැරි මිනිහා රටක් දිනන්නේ කොහොමද? – මහින්ද

September 27, 2019 at 10:45 pm | by emanisa.lk

හම්බන්තොට දිස්ත්‍රික්කය තබා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනාගත නොහැකි වූ සජිත් ප්‍රේමදාස රටක් දිනන්නේ කෙසේ දැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විමසයි.

ජනාධිපතිවරණයට එජාපයෙන් පැමිණිය යුත්තේ සජිත් ප්‍රේමදාසය යන මතයෙහි තමා නිරතුරුව සිටි බවත් ඔහුට ජනාධිපතිවරණය ජයගැනීමට සිතීමට පවා නොහැකි බවත් ඔහුට අපේක්ෂකත්වය හිමි වීම පිළිබඳ තමා බෙහෙවින් සතුටු වන බවත් හෙතෙම සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස එජාප නියෝජ්‍ය නායකයා වුවත් අලියා ලකුණ පවා ලබා දීමට එජාප නායකයා කටයුතු කර නොමැති බවත් ඒ නිසා වෙනත් පක්ෂවල අපෙක්ෂකයන් වූ සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන මෙන් ඔහුට ද හංසයා ලකුණින් තරඟ කිරීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

යාපනය දිස්ත්‍රික්කයේ තල් රා නිෂ්පාදකයන් පිරිසක් අද (27)කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී මුණගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

2018 පළාත් පාලන මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාසගේ සංවිධායකත්වය යටතේ පවතින තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත්තේය. එහිදී පොදුජන පෙරමුණ ඡන්ද 20935ක් (46.76%) ලබා ආසන 12ක් ලැබූ අතර එජාපය ඡන්ද 14691ක් (32.81%) ලබා ආසන 07ක් ලබා ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස