තිංලග ක්‍රිකට්වලින් පන්නලා දැම්ම මම මහින්දානන්ද හිරේ දාලයි පස්ස බලන්නේ! – හරීන්

July 18, 2020 at 4:04 pm | by emanisa.lk

ක්‍රිකට් ක්‍රීඩාව මුදලට විකිණීමට, පාවා දීමට නොහැකි වන සේ පනතක් සම්මත කර එමගින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ විශාලම විෂබීජය වූ තිලංග සුමතිපාල ක්‍රිකට් ක්‍රීඩාවෙන් පළවා හැරීමට සමත් වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සම්මත කරගත් පනත හරහා පාවාදීම් ඇතුළු ක්‍රීඩාවේ දූෂණවලට දඬුවම් කිරීමට පමණක් නොව ක්‍රීඩකයන් අසත්‍ය චෝදනාවලින් ආරක්ෂා කර ගැනීමටද හැකි ශක්තිමත් පනතක් බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අභූත චෝදනා එල්ල කළ මහින්දානන්ද අලුත්ගමගේට ද දඬුවම් ලබා දී මිස තමා පස්ස නොබලන බවයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

හරීන් ප්‍රනාන්දු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය යහපාලන රජය රටටත් ජනතාවටත් විශාල වැඩ කොටසක් සිදුකළ බවයි.

එහෙත් එවක රජයේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ඇතැම් අදූරදර්ශී ක්‍රියා  නිසා යහපාලන රජයේ යහපත් දේට වඩා අයහපත් දේ කැපී පෙනුණු බව ද ඔහු පවසයි.

ඔවුන් දෙදෙනාම සමගි ජන බලවේගය සමග සිටගෙන නොමැති බැවින් සජිත් ප්‍රේමදාස ප්‍රධාන සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස