කාදිනල්තුමාට අපහාස කළ එක හරිම හොඳයි! අන්තවාදී පූජක කල්ලියට එරෙහි වූ හරීන් ධෛර්ය ගැන පුදුමයි! – මංගල

June 24, 2020 at 4:11 pm | by emanisa.lk

කතෝලික පල්ලියේ සමහර කොටස්වල ඇති කුහකකමට අභියෝග කිරීමට හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයාට තිබූ ධෛර්යය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බව හිටපු ඇමැති මංගල සමරවීර සඳහන් කරයි.

හරීන් ප‍්‍රනාන්දුගේ ප‍්‍රකාශය අගය කරමින් ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

අදාළ සටහනේ ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් පාලකයනට සහය දෙන අන්තවාදී බෞද්ධ හා පූජක කල්ලියක් ඇති බවය.

කෙසේ නමුත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් අගරදගුරුතුමාගෙන් සමාව ගැනීමට කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස