ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණොත් දේශපාලනයෙන් සමු ගන්නවා! – රනිල්

September 14, 2019 at 9:55 am | by emanisa.lk

සෑම අසීරු අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකි නම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නොහැකි නම් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේ දී පෙරේදා (12) හමුවූ අවස්ථාවේදීය.

වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද ඔහු එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

මෙවර ජනාධිපතිවරණයේ දී එජාප අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම්, තමා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස