ජනපති වී අවුරුද්දකින් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා! – අගමැති රනිල් දෙමළ සන්ධානයට පොරොන්දු වෙයි…. විධායක ජනාධිපති ධුරයත් අහෝසි කළ යුතුයි! – දෙමළ සන්ධානය රනිල්ට දන්වයි…

September 18, 2019 at 1:39 pm | by emanisa.lk

ජනාධිපති වී වසරක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බවට අගමැති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයට පොරොන්දු වූ බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඊයේ (17) මාධ්‍යයට ප්‍රකාශ කළේය.

ද්‍රවිඩ ජාතික සන්ධානය සහ අගමැතිවරයා අතර ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාව අවසන් වූ පසුව සම්බන්ධන් මාධ්‍යයට මේ බව ප්‍රකාශ කළේය.

මේ ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයන් දෙදෙනා සමගද තම පක්ෂය සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කළ ආර්. සම්බන්ධන් එක්සත් ජාතික පක්ෂයෙ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කළ යුත්තේ එම පක්ෂය විසින් බවද ප්‍රකාශ කළේය.

එජාප අපේක්ෂකයා තෝරා ගැනීමට තම පක්ෂය සම්බන්ධ නොවන බවද එම අපේක්ෂකයා තෝරාගත් පසු ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ලබාදෙන විසඳුම පිළිබඳ ඔහු සමග සාකච්ඡා කරන බව ද කීවේය.

රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ඉක්මනින් කටයුතු කළ යුතු බවද තමන් අගමැතිවරයාට පැවසූ බව සම්බන්ධන් පැවැසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස