ජනතාව දේශපාලකයන්ගේ බොරුවලට රැවටුණු කාලේ ඉවරයි! රාජිත සුදු වෑන් බොරුවක් කියලා මට ඡන්ද ලක්ෂ 02ක් වැඩි කළා! – ජනපති

December 16, 2019 at 6:06 pm | by emanisa.lk

සුදු වෑන්වලට සම්බන්ධ බවට දෙදෙනක් යොදාගනිමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැවැත්වූ මාධ්‍ය හමුව නිසා තමන්ට ඡන්ද ලක්ෂ දෙකක් පමණ වැඩිවූ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“රාජිත සේනාරත්න කියන්නේ දේශපාලනඥයෙක්. දේශපාලනයේ අංගයක් තමයි බොරු කියන එක. මම මේ සංස්කෘතියෙන් ඉවත් වෙන්නයි බලන්නේ. දැන් ජනතාව එහෙම ඒවා බාර ගන්නේ නෑ.

එහෙම දෙයක් කළාම මට ඡන්ද ලක්ෂ දෙකක් පමණ වැඩිවුණා. තව ටිකක් කළා නම් මිලියන දෙකක් වැඩි ඡන්ද ගන්න තිබුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස