ගෝඨාට එරෙහිව එජාපයෙන් තවත් පිල්ලියක්! පුරවැසි සහතිකය ඉල්ලා NGO හිමි නමක් උපවාසයේ!

November 10, 2019 at 2:47 pm | by emanisa.lk

ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කර ඇත. ඒ, ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින 3 ක් තුළ තහවුරු කළ යුතු බව පවසමින්ය.

එම හිමියන් සාමදීප සමාජ කේන්ද්‍රය නම් රාජ්‍ය නොවන සංවිධානයක සහ දකුණු ආසියානු යහපාලන විද්‍යාපීඨය නම් පුද්ගලික ආයතනයක ද කටයුතු කරයි.

සාමදීප සමාජ කේන්ද්‍රය සහ සුමංගල හිමි වත්මන් ආණ්ඩුවේ සංහිදියා ව්‍යාපෘතිය සමගද ඒකාබද්ධව කටයුතු කළේය.‍

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ අදාල ලියවිළි මැතිවරණයට පෙර මැතිවරණ කොමිසටමට භාරදුන් අතර, එහි යම් අඩුපාඩුවක් පිළිබඳ නාම යෝජනා ලබා දෙන අවස්ථාවේ හෝ ඉන් පසුව විරෝධයක් එල්ල නොවිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස