ගෝඨාගේ පුරවැසිකම හොයන ගාමිණි වියන්ගොඩ ප්‍රංශකාරයෙක්!

October 3, 2019 at 10:35 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කළ අයකු වන පුරවැසි බලය නම් රාජ්‍ය නොවන සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ ප්‍රංශ පුරවැසියකු බව හෙළි වී තිබේ.

ලතින් ඇමරිකානු නවකතා කසිකබල් සිංහලෙන් පරිවර්තනය කර ලංකාවේ සාහිත්‍යකරුවකු බවට භෞතීස්ම ලබන ගාමිණි වියන්ගොඩ බොහෝ කාලයක් ප්‍රංශයේ හෝටලයක සේවය කළ හොටෙල් සේවකයකු බව නොරහසකි.

මෙම පෙත්සම ගොනුකළ අනෙක් පුද්ගලයා තවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයකු වන මහාචාර්ය ඉන්ද්‍රනාථ තේනුවරය. ඇමරිකානු ජාතිකයකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඔවුන් මාධ්‍ය හමුවක දී පසුගියදා ප්‍රකාශ කළේය.

ලංකාවේ වසර 30ක් තිස්සේ දිග ඇදුණු කොටි ත්‍රස්තවාදය කෙළවර කිරීමට නායකත්වය ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට අධිකරණයට යන්නේ මේ රටේ පුරවැසියන් නොවන අය වීම විහිළු සහගත බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඊටත් වඩා විහිළුව මෙම ප්‍රංශකාරයා නියෝජනය කරන රාජ්‍ය නොව සංවිධානය ලංකාවේ පුරවැසි බලය වීම බව emanisa.lk වෙත ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලීය ආචාර්යවරයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස