රට දියුණු කරන්න නම් ජාතික ආණ්ඩුවක් ඕන! – පුරවැසි බලය දී කිරට සාක්කි දෙයි…

February 2, 2019 at 8:12 am | by admin

වත්මන් රජය ජාතික ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් තමන් එය අගය කරන බව පුරවැසි බලය සංවිධානය පවසයි.

එහි සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ කියා සිටියේ රට තුළ සංවරධනය වේගවත් කිරීම සඳහා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව මතුව ඇති බවයි. එම අරමුණින් ජාතික ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් තමන් එයට සහය දෙන බව ද හෙතෙම කියා සිටී.

කෙසේ වුවද අපේක්ෂිත දේශපාලන ප්‍රතිසංස්කරණ නොකළේ යැයි කලින් පැවති ජාතික ආණ්ඩුව පසු කාලයේ පුරවැසි බලයේ විවේචනයට ලක්විය.

ඔවුන් සමග සමීපව කටයුතු කරන ජවිපෙ දැන් පවසන්නේ ජාතික ආණ්ඩුව ලැජ්ජ නැති එහෙත් ව්‍යවස්ථානුකූල වැඩක් බවය. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය ෆේස්බුක් ගිණුුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ඊනියා ජාතික ආණ්ඩුව හරහා 19 වෙනි සංශෝධනය අවභාවිතයට එරෙහිව වියංගොඩ-රත්නප්‍රිය හවුල වීදි බසිනු ඇති බවට කිසිදු සැකයක් නැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *