ගෝඨාගේ ආරාධනය ෆොන්සේකා බැහැර නොකරයි! එජාපය දෙකොණින් ඇවිළෙයි! (video)

August 15, 2019 at 8:28 am | by emanisa.lk

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් සිටින බවට කැලණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා චෝදනා කරයි.

ඊයේ(14) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පැවසුවෙි පසුගියදා ගෝඨාභය රාජපක්ෂගෙන් සරත් ෆොන්සේකාට දුරකථන ඇතුමක් ලැබුණු බවයි.

ගෝඨාභය රාජපක්ෂ විසින් සරත් ෆොන්සේකාට පවසා ඇත්තේ පරණ තරහ අමතක කර ඉදිරි ගමනක් යාමට තමන් සමඟ එක්වන ලෙසය.

එම යෝජනාව සරත් ෆොන්සේකා ප්‍රතික්ෂේප නොකළ බවත් හැකි නම් එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලෙසත් හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා චෝදනා කළේය.

පසුගියදා මාධ්‍යහමුවකදී ෆොන්සේකාද කියා සිටියේ විපක්ෂයේ පාර්ශවවලින් තමාට ආරාධනා ලැබෙන නමුත් රෑ වැටුණ වලේ දවල් වැටීමට තමන් සූදානම් නොමැති බවය.

සරත් ෆොන්සේකා 2014 එජාපයට ගත්තේ ආතක් පාතක් නොමැතිව සිටින විට බවත් එහෙයින් එජාප ජනපති අපේක්ෂක තීරණය කිරීමේ බලයක් ඔහුට නැති බවත් හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේය.

2010 සරත් ෆොන්සේකා එජාප පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ අතර මේ වන විට කැලණිය එජාප සංවිධායකවරයාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස