එජාප අපේක්ෂකයා රනිල් නෙමේ නම් TNA සහාය ජවිපෙ අනුරට!

August 23, 2019 at 9:08 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස නම් දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය ලබාදීම හෝ නොදීම සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලීමට තීරණය කර ඇත.

දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස දරන ස්ථාවරය මත එම පක්ෂයේ අවසන් තීරණය ගැනීමට නියමිතය.

යම් ලෙසකින් ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා අසාර්ථක වුවහොත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට එම පක්ෂය සහය දෙනු ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිශ්චිත මතයක් ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය ඔහුට සහාය ලබා නොදී සිටීමේ වැඩි ඉඩක් ඇති බව ද වාර්තා වේ.

එජාප කඳවුරේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නම් ඔහුට සහාය ලබා දීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැතැයි දෙමළ ජාතික සන්ධානය මෙයට පෙර ද සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස