ජවිපෙ මහින්දට නඟන චෝදනා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා! – ශෙහාන් සේමසිංහ

July 13, 2019 at 8:33 am | by emanisa.lk

ආණ්‌ඩුවට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව පරාජය වීම සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ, විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රමුඛ විපක්‌ෂයට එල්ල කරන චෝදනාව පිළිකුලෙන් ප්‍රතික්‌ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසයි.

රිෂාඩ් බදුර්දීන් හිටපු ඇමැතිවරයාට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව හමුවේ ආණ්‌ඩුව බේරා ගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණ මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ බවත් එය ජයග්‍රහණය කර ගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණ දෙමළ සන්ධානය හා ආණ්‌ඩුවේ කතෝලික මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා නොකළේ ආණ්‌ඩුව රැක ගැනීමේ යටි අරමුණින් දැයි දැන් තම කණ්‌ඩායමට සැකයක්‌ මතු වන බවත් හෙතෙම සඳහන් කළේය.

2015 දී බොරුව සමාජගත කරමින් යහපාලන ආණ්‌ඩුව ගෙනවිත් රට විනාශ කිරීමට මුල් ජවිපෙ ජනතාව රැවටීමට නැවතත් කටයුතු කරමින් සිටිනවා යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *