එජාපය කනත්තට යන්න හදනවා! අපි නම් එන්නේ නෑ! – මනෝ ගනේෂන් වැට උඩට නගී….

August 13, 2019 at 5:53 pm | by emanisa.lk

එජාපය නිවැරදි තීන්දුවක් නොගන්නේ නම් ඔවුන් සමග කනත්තට යාමට තමන් සූදානම් නැති බව ඇමති මනෝ ගනේෂන් පවසයි.

එජාපය තුළ ඇති කුණු කසළ පිටතට රැගෙන ගොස් දුර්ගන්ධය පතුරුවන බවත් මේ නිසා තමන් පමණක් නොව සෙසු පක්ෂ ද එජාපයෙන් ඈත් වනු ඇතැයි හෙතෙම පවසයි. අවශ්‍ය නම් එජාපයට තනිවම කනත්තට යා හැකි බවත් තමන් ඒ සඳහා සූදානම් නැති බවත් ඔහු අවධාරණය කරයි.

නව සන්ධානයක් ගොඩනැගීම සහ එජාප ජනාධිපති අපේක්ෂකයා තේරීම අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් මෙවර එජාපය තුළින් ජනාධිපති අපේක්ෂකයකු තෝරාගත යුතු බව මුලින්ම සඳහන් කළේ තමන් බව ද හෙතෙම පවසයි.

එජාපය 18 වසරකට පසු බලයට පැමිණ ළදරුවන් ලෙස හැසිරෙන බවත් පක්ෂ අභ්‍යන්තරට තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් ඔහු පවසයි. මෙය බිම් මට්ටමේ එජාප පාක්ෂිකයන් අවබෝධකරගත යුතු යැයි ඔහු පෙන්වා දෙයි.

මාතර දෙණියාය ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස