එජාපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු 25ක්! සියලු සජිත්වාදීන් රොත්ත පිටින් දොට්ට!

September 9, 2019 at 11:00 pm | by emanisa.lk

මීළඟ ජනාධිපතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස දිස්ත්‍රික් 25 සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහට හිතවත් ඔහුට පක්ෂපාතී අලුත් දිස්ත්‍රික් නායකයන් පත් කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් මෙම පත්කිරීම් සිදු කරන බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් එහි සැඟවුණු අරමුණ වී ඇත්තේ මේ වනවිට දිස්ත්‍රික් නායකයන් ලෙස කටයුතු කරන සජිත් හිතවාදීන් ඉවත් කර ඒ වෙනුවට රනිල් හිතවාදීන් පත්කර ගැනීමය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව රනිල් වික්‍රමසිංහ මේ වන විටත් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට පවසා ඇත. එජාප අපේක්ෂකත්වය නොලැබුණහොත් සජිත් ප්‍රේමදාස හෙළ උරුමය ඇතුළු වෙනත් පෙරමුණකින් ඉදිරිපත් වීමට සූදානමක් ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස