උතුරේ බෞද්ධ උරුමය රැකගැනීමට සටන් කළ ගුරුකන්ද රජමහා විහාරයේ නායක හිමි අපවත් වෙයි!

September 21, 2019 at 3:23 pm | by emanisa.lk

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වූහ.

විහාරාධිපති හිමියන් පසුගිය මාස කිහිපය තුළදීම රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ රාත්‍රියේ මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වූහ.

පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අද දිනයේදී හා හෙට දිනයේදී මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන අතර 23 වැනි සඳුදා පස්වරු 2ට මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ අවසන් කටයුතු සිදු කිරීමට සියලු කටයුතු යොදා ඇති බවට ගුරුකන්ද විහාරස්ථාන දායක සභාව කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස