ඊබ්‍රාහීම් නානා ගොඩින් බේරගන්න CID ශානිට ජවිපෙන් දුරකතන ඇමතුම්!

January 2, 2020 at 11:27 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක සහ ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් නැමැත්තා නිදහස් කිරීමට හැකිදැයි ඇසීමට ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී ශානි අබේසේකරට 2019 අප්‍රේල් 22 වනදා ඇමතුම් 2ක් ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයට අදාල විමර්ෂණ කටයුතු උදෙසා සිදුකළ දුරකතන දත්ත විමර්ෂණ හා ප්‍රශ්න කිරීම් ඔස්සේ මේ බව හෙළිව තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව මොහොමඩ් ඊබ්‍රාහිම් දැන සිටි බව තමන් විශ්වාස නොකරන බවත් ඔහුව නිදහස් කිරීමට හැකියාවක් ඇත්තදයි විමසා තිබේ.

එහිදී ශානි අබේසේකර පවසා ඇත්තේ අධිකරණයට ඊබ්‍රාහීම් ඉදිරිපත් කළ විටෙක ඇප ලබා ගැනීමට අවස්තාවක් පවතින බවය.

මේ අතර අප්‍රේල් 24 දින පාර්ලිමේන්තුවේදී ජවිපෙ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉලක්ක කර ඔවුන්ගේ පක්ෂයට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් වන බවත් ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ අයෙක් යැයි තමන් විශ්වාස නොකරන බවය. පුතාලගේ වැරදිවලට පියාට බැණ වැදීම අසාධාරණ බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස