ඇල්පිටියේ අපි දිනයිද කියලා කියන්න බෑ! හැබැයි ඒ ප්‍රතිඵලය ජනාධිපතිවරණයට බලපෑමක් නෑ! – පාඨලී

September 5, 2019 at 10:17 pm | by emanisa.lk

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵලය ජනපතිවරණ ප්‍රතිඵලයට කිසිම සබඳතාවක් නොමැති බව ඇමති පාඨලි චම්පික රණවක පවසයි.

“කල්ගිය ප්‍රාදේශීය සභා මැතිවරණයකින් කොහොමද සමස්ත මැතිවරණයක ප්‍රතිඵල තීරණය කරන්නේ? ඌව පළාත් සභා මැතිවරණය තිබුණා 2014දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනුවා. හැබැයි මාස කිහිපයකින් තිබුණ ජනපතිවරණය පරාදයි.

ජනපතිවරණයක් කියන්නේ රටක ජනතාවක් එකට ඡන්දය දෙන එකක්. ඇල්පිටිය මැතිවරණය කියන්නේ ඒ ප්‍රදේශයේ සංවර්ධන පිළිබඳ ප්‍රශ්නයක්. ඇල්පිටිය මැතිවරණය ජනපතිවරණයට බලපෑමක් නෑ.

ඇල්පිටිය මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කරයි ද කියලා ප්‍රතිඵල ආවම බලමු. හැබැයි එහි ප්‍රතිඵලය ජනාධිපතිවරණයට කිසිම බලපෑමක් කරන්නේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස