ආණ්ඩුවට ජනතාව අතර දැඩි ප්‍රසාදයක් තියෙනවා! ජනප්‍රිය ආණ්ඩුවට එරෙහිව විරෝධතා කරන්න තරම් අපට පිස්සුවක් නෑ! – ජවිපෙ

January 2, 2020 at 11:00 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට ජනතාවගේ විරෝධයක් එල්ල නොවන්නේ නම් කුමන හේතුවක් නිසා හෝ එම වැඩපිළිවෙළට විරෝධය පළනොකිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට තිබේ.

ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව රටේ බහුතර ජනතාව දැඩි ප්‍රසාදය පළකරද්දී ඊට විරෝධය පළකිරීමට තරම් ජනතා විමුක්ති පෙරමුණට පිස්සුවක් නොමැති බවය.

රටේ තැනින් තැන ආණ්ඩුවට සුළු වශයෙන් විරෝධයක් එල්ල වී ඇතත් බහුතර ජනතාවගේ කැමැත්ත මත පත් කරගත් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ සංවිධාන කිරීමෙන් පළක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අවබෝධ කරගෙන ඇති බව ඔහු කියා සිටියි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස