අපේ සහාය නොලැබුණා නම් ගෝඨාට දිනන්න ලේසි නෑ! – නිමල් සිරිපාල

December 12, 2019 at 9:45 pm | by emanisa.lk

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල ශක්තියක් වූ බවත් එම සහාය නොලැබුණානම් ජයග්‍රහණය පහසු නොවන බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඌව පරණගම මස්පැන්න ප්‍රදේශයේදී උත්සවයකට එකවෙමින් ඊයේ (11) ඇමතිවරයා මෙසේ පැවසීය.

“මම ප්‍රසිද්ධියේම කිව්වා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙන්න ඕන කියලා. ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විදිහට තීරණය කළා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන්න.

ඒ සහය එතුමාගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වුණා. අපි එහෙම සහාය දුන්නේ නැත්නම් ලක්ෂ හතක් අටක් අඩු වුණා නම් ජයග්‍රහණය ලේසි වෙන්නේ නැහැ. කවුරු මොනවා කිවුවත් යථාර්ථය ඒකයි. අපි එතුමාගේ ජයග්‍රහණයට මුලික වශයෙන් දායක වුණු අයයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස