ශ්‍රීලනිප ගමේ නායකත්වය ගෝඨාට එක්වෙයි! ඉමදුවේ ශ්‍රීලනිප මන්ත්‍රී දෙදෙනාගේ සහායත් පොහොට්ටුවට!

October 17, 2019 at 1:41 pm | by emanisa.lk

ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන බව පැවසීමත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරියන් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.

ඉමදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන එම්.පී.උදාන කුසුම්සිරි සහ ටී.ජී.රුවින් මන්තින්ද යන මන්ත‍්‍රීවරුන් දෙදෙනා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන බවට පවසමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව සහිත පෝස්ටර් දෙකක් අතැතිව සභා ගර්භයට පැමිණීමේදී පාලක පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරු ප‍්‍රීති ඝෝෂා පවත්වන්නට වූහ.

මේ අවස්ථාවේදී විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරියන් තිදෙනා මෙම කටයුත්තට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

මෙහිදි සභාපති ඒ.වී.සරත් කුමාර මහතා පවසා සිටියේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනාත් තම පක්ෂය සමඟ එක්වීම හේතුවෙන් තම කණ්ඩායම තව තවත් ශක්තිමත් වූ බවත් දැන් එක්ව කටයුතු කළ හැකි බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස