අපේ සහාය ඒකීය රාජ්‍යය අතහැර එක්සත් රට පිළිගත් සජිත්ටයි! – දෙමළ ජාතික සන්ධානය

November 7, 2019 at 5:15 pm | by emanisa.lk

රාජ්‍ය පාලනයට සත්‍ය ලෙසත් ඒ තුළින් නිර්මාණය වන එක්සත්, නොබෙඳුණු, බෙදිය නොහැකි, රටක් තුළ සියලුම පුරවැසියන්ගේ අනන්‍යතාව පවත්වා ගැනීම සහ රැකගැනීමේ ලක්ෂණ ප්‍රකට කරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂවල සහයෝගය දෙන බව එම සන්ධානය‍ෙ නිවේදනක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගිය කාලයේ සහ අනාගතයේ ජනාධිපති අපේක්ෂකයන්ගේ ක්‍රියා සහ ප්‍රතිපත්ති ප්‍රකාශන ද සලකා බලා දෙමළ ජාතික සන්ධානය සියලුම ජනතාවගෙන් විශේෂයෙන් තමන් නියෝජනය කරන දෙමළ ජනතාවගෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්ෂකයාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.

මෙම නිවේදනය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඉලංගයි තමිල් අරසුකච්චි නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ නායක සෙල්වම් අදයික්කලනාදන් හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් යන අය විසින් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස