අපේක්ෂකයන්ගේ සුරංගනා කතාවලට රැවටෙන්න එපා! මම ජනාධිපති වෙලා ජනපති මන්දිර කෞතුකාගාර කරනවා! – අනුරටත් මන්දිර එපා වෙයි…

October 7, 2019 at 7:23 am | by emanisa.lk

තම රජයක් බලයට පත්වූ වහාම ජනාධිපති මන්දිර ජනසතු කොට රාජ්‍ය කෞතුකාගාර හෝ සංචාරක මධ්‍යස්ථාන බවට පත් කරන බව ජාතික ජන බලවේගයේ ජනපතිධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක පවසයි.

හිටපු ජනාධිපතිවරුන්ට ආදායමක් නොමැති නම් රජයෙන් යම් දීමනාවක් දීමේ වරදක් නොමැති බව හෙතෙම සඳහන් කළේය.

විවිධ ජනපති අපේක්‍ෂකයින් කියන සුරංගනා කතාවලට ජනතාව රැවටිය යුතු නැති බවත් 71 වසරක දේශපාලන ඉතිහාසය තුළ විවිධ දේශපාලන වේෂ නිරූපණ පැමිණි බවත් ඔහු අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මේ කරුණු ප‍්‍රකාශ කළේ ඇල්පිටියේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස