අකිලගේ දේශපාලනයත් රනිල් සමග අවසන් ගමනේ! සමගි බලේට අකිල ගත්තොත් මහා පිපිරීමක්!

September 21, 2020 at 5:24 pm | by emanisa.lk

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කුමන ආකාරයකින් හෝ සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගත හොත් තමන් ස්වාධීන වන බව කුරුණෑගල දිස්ත්‍රික් සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන් 4 දෙනා පක්ෂ නායකත්වයට දැනුම් දී තිබේ.

අකිල විරාජ් කාරියවසම් ද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර ඔහු පැවැති යහපාලන ආණ්ඩු සමයේ දිස්ත්‍රික්කය තුළ සිය ප්‍රතිරූපය ගොඩ නැගීම වස් කටයුතු කළ බවත් එහිදී එජාපය නියෝජනය කරන අන් මන්ත්‍රීවරුන් කිසිදු තැකීමකට ලක් නොකළ බවත් ස්වාධින වීමට තීරණය කොට තිබෙන මන්ත්‍රීවරු චෝදනා කරති.

නලින් බණ්ඩාර, ජේ.සි.අලවතුවල, අශෝක් අබේසිංහ සහ තුෂාර ඉඳුනිල් මෙම තීන්දුව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස