එජාපයට විපක්ෂයේ වැඩේ කරන්න බෑ! අපට තමයි පුළුවන්! – අනුර

February 24, 2020 at 12:18 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ කාර්යභාරය අවසන් වෙමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ඡන්දය වෙනුවෙන් පක්ෂයට ලැබුණු මුදල් රනිල් වික්‍රමසිංහ හොරකම් කර ඇතැයි ජනාධිපතිවරණයට පසු එජාපයේ නලින් බණ්ඩාර පැවසූ බවත් අකිල විරාජ් නිවේදනයක් නිකුත් කරමින් එම මුදල් තිස්ස අත්තනායක සතුව තිබිය හැකි යැයි පැවසූ බවත් ඔහු සිහිපත් කරයි.

පරදින බව තමන් දැන සිටියේ යැයි රනිල් පවසන බවත් පැරදුණේ පක්ෂයේ පිරිසක් කකුලෙන් ඇද්ද නිසා යැයි සජිත් පවසන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා මේවා පක්ෂ දැයි ප්‍රශ්න කළේය. එජාපයේ සියලු දෙනාට චෝදනා ඇති බවත් එහෙයින් ඔවුන්ට විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට කිසිසේත් නොහැකි බවත් අනුර දිසානායක අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස